Thursday 17 January 2013

ජීවය කුමක් දැයි හඳුනාගමු - ආදි සිංහලයන් දැන සිටි විදිය

මීට පෙර ලිපියේ මම මගේ උත්සාහයෙන් ජීවය කුමක් දැයි සොයාගත් විදිය කීවෙමි. දැන් ආදි සිංහලයන් කී දෑ වලින් අද වන තුරු ඉතුරු වී ඇති තොරතුරු මත මෙසේ ලියමි. මෙහිදී පරගැති අය ගෙතූ කතා බැහැර කරන්නේ ඒවා නොවැදගත් නිසාය. මම දැඩි ආයාසයකින් මේවා ලියන්නේ සිංහලයන්ගේ පරිහරණයටය. ඔබ සිංහල යයි සිතේ නම්, මේ මම ලියන්නේ ඔබ අද නියෝජනය කරන මිනිසුන්ගේ වගතුගයි. එම නිසා කාලය නාස්ති කිරීමට නොව දැනගත යුතුම දෙයක් කොට හදාරන්න.

අද බොහෝ සිංහල දැනුම වෙනුවට පර මත ගොතා ඇමිණීම නිසා නිවැරදි බව නැසී ඇති තොරතුරු අත් හල විට, මහායානිකයන් තම ඇවැසිතාවලට කපා කොටා සැකසු ලංකාවතාර සූත්‍රයත්, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) ත්, යමෙක් ලිඛිත තොරතුරු ලෙස ඇවැසි නම් ගත යුතුය.

සිංහලයන් තම ජාතිය බිහිකලේ හිරු දෙවියන් යයි කියති. අද වන විට හිරු යනු සූර්යයා යයි කීවද හිරු යනු කෙනෙකුගේ නම බව භාෂාවේ ඇති වචන වලින් පැහැදිලිය. හුරා යනු හිරු යන නම ම අනුවර්තනය වීමක් ලෙස පෙනේ. හේ, ඔහේ, ඔහු (He) යන වදන් මේ වචනයෙන් බිහි වූ ඒවා ලෙස දකිමි. මෙවැනි වහර සිංහල භාෂාවේ බොහෝ ඇත. නායකයාගේ නම පසුව පොදු නමක් වීම, මහසම්මත මනු නමින් මනුසතා හැඳින්වීමද කියයි.

රාහු යන හුරා (හිරු) උඩුයටිකුරු කර සැදූ ජීවිත දැනුමට අදාළ සුවිශේෂ නමකි. හිරු ගැන බොහෝ ජාතීන් දැන සිටියේ සූර්යයා ලෙස බව ඔවුන් ඇදහූ ආකාරය අනුව පෙනේ. මෙම අරුත් වෙනස දෙමළකමෙන් නැගුනු විපරිතයකි. දස අවතාර ඇති රාවනා නම් කෙනෙකුට හිස් දහයක් ඇඳ විපරිත කලේද දෙමළකමය. එසේම, අඩා යන සිංහල පිරිමි නමත් ඊ යනු ගැහැණු නමත් මත කී දරුවන් බිහිවීම ඇඩම් හා ඊවා මැව් කතාවට ගියේද දෙමළකමේ විපරිතබව නිසාය. මේවා කීවේ වඩා බරපතල යමක් කීමට ය. බොහෝ දැනුම ලැබුනේ මහසම්මත මනුගෙන් නිසා, මනු යන වදන බහුඅර්ථ දීමට ගෙන ඇත. උදා හරණ ලෙස මත්‍ස්‍ය මනු යනු දස අවතාර බලැති ඉතා දිගු කලක් සිටින අයකු ලෙස හින්දූන් තමන්ට රුචි ලෙස කියා ඇත. එසේම විශ්ව මනු (වෙසමුණි, විෂ්ණු) වැනි නම් ද ගෙන වඳුරු රුවකින් පෙන්වීමද කර ඇත. එසේම බ්‍රහ්ම නම් ජීවීන් මැව් මහා බලගතු දෙවියකු ගැනද කියනවා. මෙම බ්‍රහ්ම නම් නූතන හින්දු පදයේ හ් ආවේ හිරු යන වචනයෙන් බව සිංහල වචන හින්දියට යන විදියෙන් පෙන්වයි. උදාහරණ ලෙස සිංහල  වචනය දෙමළෙන් ඉල වූ බවද සිංහලයෝ යන වචනය සයිලාඕ ලෙස පරංඟි කී බවද බැලූ විට විශාල ශබ්ද හැලීමක් වචනයට වෙන බව කිව හැක. දෙමළෙන් ඉල වූ සිංහල වචනය හින්දු වීමේදී ල දක්වා සිඳිනි. අද ලංකා කියන්නේ ල ගැහැණුකරණය වීමෙනි. මෙම බිඳීම භාවිතයට වඩා ජන්ම ගතියක් බව කිව යුතුය. එසේ නම් බ්‍රහ්ම කියන්නේද හිරුමය.

ඉහත කී සියලු වඳන් යටතේ විසිරී ඇති දැනුම ගත් විට හිරු යනු සියලු ජීවින් බිහි කල කෙනා බවත්, විපරිත දෑ හල විට ඔහු (හිරු) යනු මා කලින් කී සුවිශේෂ ජීවියාට කෙතරම් සමීපදැයි දැන ගත්තේ මගේ සෙවීමට බොහෝ කලකට පසුය.

අර්ධ දැනුමෙන් ඉතිරි වී ඇති, බෞද්ධයන් නොදැනුම නිසා අතහැරියද, සිංහලයන්ගෙන් ගෙනගිය දැනුමේ කොටසක් වන ලංකාවතාර සූත්‍රය වැදගත් තොරතුරු සඟවාගෙන ඇත. එකක් වන්නේ ගත හැරි විට ඉතුරු වන අවතාරයයි. සිංහල වෙදහෙදකමේද මේ ගැන ප්‍රබල යෙදුම් ඇත. අවතාරය නොමැරෙන දෙයක් ලෙසද දක්වා ඇත. එසේම ජීවින් බිහිවීමේදී සිතේ ප්‍රබල බවත්, අප වටා ඇති සියල්ල සිතිවිලි වලින් බිහි වූ දේ ලෙසත් පෙන්වා ඇත. අනවබෝධය නිසා සිතේ යථා ස්වරූපය නොදැන කීවද, තිබෙන නිවැරදි දත්ත කෙතරම් මා ගොඩ නැඟූ ස්වාභාවික ඇත්තට බැඳි ජීවීන් බිහිවීම, මෙම අර්ධ තොරතුරු වල මූලය ලෙස දිග හැරේ.

කාලයාගේ ඇවෑමෙන් දියවී බොඳවී හෑල්ලු වූ සිංහල දැනුම තුල මා දුටු ස්වාභාවික ඇත්ත එලෙසම තිබිය යුතු බව මෙම දත්ත සමඟ ආපසු ගමන් කලවිට තහවුරු විය. මේ අනුව හිරු, කලින් කලට මිනිසකු වන, දැනුමෙන් අණූන වූ, සිතේ බලයද ගත්තකු බව තහවුරු වේ. මායාවරුන් හිරු දෙවියන් ඇවිත් නව යුගයක් ඇරඹීමත්, සිංහලයන් දී ඇති අනන්‍ය තොරතුරු අනුව උපන් දියසේනද හිරුගේ නැවත ඒමක් කියයි.

සූර්යයා යනු සූ ගාන වේදනාව දෙන රැස් විහිදුවන ගිනි ගොඩක් මිස ජීවියකු නොවන බව අපි දනිමු. එය ද්‍රව්‍යයන් කඩා බිඳ දමා ජීවීන් බිහිවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය දෙන ගත හිමි ස්වභාවයේ හිමියා වන අප වටා ඇති භෞතික ස්වභාවයේ ප්‍රධාන අංඟයකි. හිරු යනු සිත අයත් ස්වභාවයේ සිත බිහිකිරීමට දායකවන්නා බව තහවුරු වේ. සූර්යාගෙන් අණුද්‍රව්‍ය රැස් ලෙස විහිදේ නම්, හිරු රැස් ලෙස හිතට දැනුම දෙන දායකයා ය. ඒවා සිත හදන දැනුම ලෙස ගත් විට හිරුද සූර්යයා මෙන් ජීවීන් බිහිවීමට අවශ්‍ය සිත හැදීමට රා (ray) දෙන කෙනාය. මෙම සමානතාවය උපමාවෙන් කී විට වරදවා තේරුම් ගෙන, හිරු කියන්නේද සූර්යයා ම යයි නොදැනුවත්කමින් පටලැවුනා විය යුතුය. ජීවීන් බිහිවීමේදි ගත හා සිත බිහිවෙන ආකාරය කියන විට මේ පැටළිලි නිරාකරණය වනු ඇත. මෙහිදී සූර්යයා යන වදන, රැසින් පීඩා වූ විට සූ ගා පිඹින හඬ පසුව සූර්යයා වූ බව පෙන්වයි. Sun (Su) යනුද සූර්යයා මිස හිරු නොවන බව He (හේ) යන වදන නිසා පැහැදිලිය. මූළික ඉංග්‍රීසි වදන්, සිංහල වදන් විචාරයට සමාන්තර ලෙස යෙදුවේ විශේෂ හේතුවක් නිසාය.

බොහෝ විස්තර සොයාගත හැකි වුවද, මා ස්වාධීනව ගොඩනැඟූ ස්වාභාවිකව ජීවීන් බිහිවන ආකාරය, ආදි සිංහලයන් කී තොරතුරු වලට කොතරම් සමීප දැයි කියනවා නම්, ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දැන සියලු දෑ කී බව පැහැදිළිය. නූගත් සංක්‍රමණිකයන්ගෙන් නොනැසුනේ නම්, එම දැනුම අද ද සිංහලයන්ට මග පෙන්වන බව කියමි. ඒ පාඩුව මැකීමට මට හැකිවීම,  සිංහලකම රැකීමට ඉවහල් කර ගනිමු. මලකඳන් වැනි දෑ නැගිටිනවා යයි කීම වැනි සංක්‍රමණිකයන් කී බොරු නිසා නොසලකා ඇති සිංහල දැනුම කොතරම් වටිනවාද? බොහෝ අය, විශේෂයෙන්ම, මිථ්‍යාවාදී බෞද්ධයන්ගේ පීඩනය නිසා නොකියන, සිංහලයන් සතු අද්භූත යයි සිතන දෑ මට කියන්නේ නම් මට මහඟු දෙයකි. ඒ සිංහලයන් බොරු නොකී බව මම දන්නා බැවිනි.එවැනි දෑ අද හැකියාවන්ට සරිලන ලෙස අරුත් දීම අපේ වගකීමකි. විශේෂයෙන්ම මානසික හැකියාව පිරිහුන උන් බහුතරය නිසා, සිතින් දියුණු ආදි සිංහලයන් කී දෑ නොතේරුම නිසා බැහැර කර, තමන් ගෙතු මත දිනවීමට මාන බලති. එවැන්නන් නිසා අහිමි වූ දැනුම බොහෝය. එය නැවතීමට මග ඇහිරිය යුතුය.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.