Thursday 24 January 2013

කාලීන තොරතුරු - 2

http://radicaladahas.wordpress.com/2013/01/24/astrology-4/,

ඔබ අන්තවාදියකු (Radical) යයි ඔබම කීවද, මා දුටු එකම අන්තවාදය නම් සිංහල විරෝධි කමයි. ඒත් ඔබේ උත්සාහය "මගේ අරමුණ මිත්‍යාවෙන් ගැලවීමට සිංහලයා උනන්දු කිරීමයි. ජ්‍යෝතිෂය යනු වැරදි උපකල්පන මත ගොඩනැගුනු මිත්‍යාවකි." ලෙස දැක්වෙනවා.

ඒ මදිවට "Think Different, හදවතින් නොව මොළයෙන් හිතන්න!" කියලත් කියනවා. ඇයි ඔබට ඕක කරන්න බැරි. සිංහල මිනිසුන් ඔබ කියන මිථ්‍යාවේ ගැලී පීනන ජාතියක්. ඇයි ඔබට හිතන්න බැරි මෙතන ඔබ නොදන්න දෙයක් තියෙන්නත් පුළුවන් කියල.

හදවතින් හිතන්න බැරි බව ඔබ දන්නෙ නැත්ද? මම කියනවා හිතන්නෙ මොළයෙන් නොවෙයි කියල. ඔබ අහල නැද්ද හිත කියන සිංහල වචනය. ඉතින් සිංහල උන් ඒ වචනෙන් කියන්නෙත් මොළය කියන එකද?

"ඔප්පු කිරීමට අඩුගානේ ඔය කියන පොතේ නමත්, කතෘත්, ප්‍රකාශකයාත් සඳහන් කරන්න." අනුන්ට වැදිබණ කියන අතරේ පොඩ්ඩක් හිතුවද ඔය පොත් වුනත් මිථ්‍යාව, බොරුව පතුරුවන ප්‍රබන්ධ කියල. එතකොට ඔබ කියන්නෙ, මහාවංශෙ, බයිබලේ, කුරාණෙ හරි, ගලක කොටල තිබ්බොත් හරි, ඔප්පු වෙනවා කියලද?

ඔබ පොඩ්ඩකට හිතුවද ඔබ කතා කරන්නෙ අවබෝධයක් නැති විෂයයක් ගැන කියල. ඒ මදිවට ඔබ සිංහල දේවල් විකෘර්ති කරන්නේ ඇයි? අර එක තැනක කොටල තිබ්බා මහ සම්මත මනු හිටියේ වසර හයදාහකට කලින් කියල. කාගෙන්වත් ඇහුවද? දැන් ඔබ සිංහල කියල හිතාගෙන ඔක්කොම දන්නවා කියලද කියන්නේ. ඇයි වෙනස් විදියකට හිතන්න බැරි.

මනු ගැන නිවැරදිම තොරතුරු සොයා ගත්තේ මම. දකුණු පලාතේ සිංහල මිනිසුන් මනු වර්ෂ කියල එකක් ගණිනවා. ඒක අවුරුදු 30,000කට වඩා අතීතයට යන මිම්මක්. සිංහල අවුරුදු දිනය කියන්නේ, මන්නාරමෙ පරපාකන්ද ගමේ මනුගෙ මාළිඟයට හිරු මුදුන්වෙන වෙලාවට නව වසර ලැබීම. මනු තමයි තිරිසනුන්ට නැති "කැමැත්ත" කියන මනුෂ්‍ය ගුණය මත පාලනය ඇරඹුවේ. එයා තමයි ඔබ කියන ජ්‍යෝතිෂ මිථ්‍යාව සිංහලයන්ට දුන්නේ. දැන් ඒක මිථ්‍යාව කියන ඔබ මොන වගේ කෙරුම් කාරයෙක්ද? සිංහලයන් කරන කියන දේවල් වලට දැනුම දුන්නේ මනු කියලයි සිංහලයන් කියන්නෙ. ඒ සිංහලයන් හා ඔබ අතර ඇයි මෙච්චර වෙනසක්.

මම කියනවා ඔබ සිංහලයකු නොවන බව. එසේම ඔබ හැම විටම සිංහල දේ පෑගීමට මාන බලනවා. හැබැයි ඒ වගේ ජරාගති ඇති ජාතියත් කට ඇරියොත් සිංහලයට මඩ ගහනවා.

මම කියනවා ඔබ ජ්‍යෝතිෂය කියන වචනයවත් හරියට දන්නේ නෑ කියල. කලින් පිස්සා යන වචනයේ තේරුම දන්නෙ නැහැ කිව්ව. ඉන් එහාට කතා කල යුතුද?

මම තේරුම කියන්නම්. පිස්සා කියන්නේ පිසුණු (පිච්චුන) මනසක් ඇති එකාට. ඒ කියන්නේ burn out වුනා වගෙ තත්වයකට. ඔබ කියන දේ ඔබට නොතේරනවා වගේමයි පිස්සන්ගෙ කතාවත්.

එතකොට ජීවිත් විය යුතු විදිය කියන සිංහල දැනුම තමයි ඔය හින්දුකාරයෝ ජ්‍යේතිෂ විද්‍යාව කියන්නේ. උන් ආයුර්වේදය කියන්නේ ආයු වැඩිකරන විදිය කියන එකට කියලා දන්නවාද? ජීවිත කියන වචනෙයි ඔය ජ්‍යේතිෂ් වුනේ කියල දන්නවාද? දැන් මෙතන සිංහල උන්ගෙන් හින්දුකාරයෝ කොපිකරගත් දෙයක් බදාගෙන සිංහල එවුන්ට මඩගහන්න ලැජ්ජ නැද්ද?

අද අතේ පිච්චිය නැති හිඟනුන් පච කෙලල කීයක් හරි කඩාගන්න දිහා බලල, නොදන්න දෙයක් ගැන කතාකිරීම හරිද? එතකොට තුට්ටු දෙකේ ටියුෂන් දෙන ගුරාල කියන නූතන කෙප්ප විජ්ජාව මිථ්‍යාවක් නොවෙයි ලු.

මම දන්න තරමින් ලෝකෙ තියෙන මිල කල නොහැකි දැනුම ඔය "ජීවිත් වියයුතු විදිය" තුල තියෙනවා. මම කවුද කියල දැනගෙන හිටියනම් තේරෙනවා කීව දේ. ඒත් සිංහල උන්ට ගරහන්න ඉපදුන ජාතියට ඒක නොපෙනීම පුදුමයක් නොවේ. ඔය ග්‍රහයෝ පටලා ගෙන හින්දු වැසිකිළි හේදුවට, ඔය ග්‍රහ නාම හතත්, රාහු කේතු යන දෙකත් අපේ ජීවිත හැදුනු අභ්‍යන්තර දේ වලට බැදුනු නම්. ඉස්සර කාලේ සිංහල හෝඩියම ගණන් කිරීමට ගත්ත වගේ, ඔය නම් ග්‍රහයන්ටත් යෙදූ නිසා ඔබ වැනි මිථ්‍යාදෘෂ්ඨිකයන්ට පෙනෙන්නෙ ග්‍රහ නාම හැටියට විතරයි. තමන් නොදන්න දේ කුමක් දැයි නොදැන මිථ්‍යාවයයි පට බඳින ඔබට තේරුම්ගත නොහැකි දේ කීමෙන් ඵලක් නෑ.

මම දැනටම මගේ බ්ලොගෙ හිරු කවුදැයි කිව්වා. "ජීවිත් වියයුතු විදිය" හා බැදි දැනුම ගැනත් ළඟදිම කියනවා.  කැලුම් කියන දේ වත් තේරුම් ගන්න බැරි ඔබ, තම නැණ පමණින් හැසුරුනා නම් හොඳයි නේද? නොදන්න දේ ගැන කියන්න යාම වරිගෙ නසා ගැණීමක්.

ග්‍රහයන් ගැන කියන ඔබ සූර්යයා පායනකොට ඇහැරන්නේ සූර්යයා ඇහැරෙන්න කියන නිසාද, නැත්නම් මිනිසුන් පුරුද්දක් ලෙස හිරු නැගෙන විට ඇහැරීමේ ගතිය ඔබට ජන්මෙන් ලැබුනු නිසාද? ග්‍රහ පිහිටීම් යනු කාලය කියන ස්වාභාවික ඔරලෝසුවක් මිස මිනිසුන් කූද්දන දේවල් නොවේ. අපේ හැසිරීම ඒ අනුව වෙනස් වේ නම් ඒ අප හැදී ඇති ආකාරය අනුව දක්වන ප්‍රතිචාර නිසාය. ජීවිතය හැදී ඇති අයුරු නොදැන බොරුකීම සුදුසු නැත. මෙම දැනුම අදාළ සිංහලයන්ටය. ඔබට වළංඟු නොවේ නම් ඔබ සිංහල නොවන බව කියමි. එසේ කීවේ මා ඒ බව දත් නිසාය.

http://lankacnews.com/sinhala/main-news/89037/

"බෞද්ධයන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස් කල යුතු යයි බොදු බල සේනා සංවිධානය පවසයි." - මෙවැනි දෑ කියන බෞද්ධයන් සිංහලකම ගැන නොදනිති. දරුවන්ගේ අනාගත සුරකීමට අභිමානවත් මවක සිටිය යුතුමය. පියා මවගේත් දරුවන්ගේත් ආරක්ෂකයාය.

මෙනයින් බෞද්ධයන් අල්ලා ගුරු කොටගත් ලොව ජනප්‍රියම ආකම වේද? පිරිමිනට මෙන්ම ගැහැණුන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස්  කිරීම සාධරණය. පහක් යයි කීවේ ඇඟිලි පහ ගැන සිතාද? ඊට වඩා තමන්ට කැමති ගණනක් විවාහ කරගන්න දුන්නා නම් ඇති හැකි අය, නැති බැරි අයගේ දරුවන්ට පියෙකු වී හදා වඩා ගන්නා හැටි කොතරම් අගේද?

තව නීතියක් ගෙන ආ යුතුය. ඒ ඇඵ්ඝනිස්ථානයේ ඇති පරිදි දවස් පහකට වරක් ගැහැණිය සැමීහරකාට කම් සැප දීමය. සාධාරණය ඉටු කිරීමට සැමීහරකාද අඩු තරමින් දවස් පහකට වරක් ගැහැණියට කම් සැප දිය යුතු වීමය. සැමීහරකුන්ට චීන අධිරාජයන් සේ අඩු වයසින් සුරලොව යා හැක. නීතිය කඩන උන්ගේ කොනෙන් නොව මුලින් කපා බිරියන් ජනසතු කල යුතුය. අඩුවකට ඇත්තේ හාමදුරුවන්ට .... සේවය නීත්‍යානුකූල නොවීමය.

සිංහලයනි, සැබැවින් ම කල යුත්තේ, මුස්ලිමුන්ට මෛත්‍රී කරුණා දක්වා රටේ පැළපදියම් කල බෞද්ධයන් පලවා හැර, එක ගැහැණියකට එක මිනිසකුත්, එක මිනිසකුට එක ගැහැණියකුත් කරකාර බැඳීමයි. එසේ නොවේ නම් බිහිවෙන දරුවා ද මරුවෙකි. අවනත නොවුවන් නැසිය යුතුය. ඒ මනුෂ්‍යකම සමඟ අනුෂ්‍යකම යා නොදෙන නිසාය.

http://lankacnews.com/sinhala/news/89077/

"අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද හදාගත් දිනක බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි."

මොකක්ද මේ කියන්නේ. ක්‍රියාවට අනුව අපේකම කීවේ ඉංග්‍රීසිකම විය නොහැකිද? තමන්ගේකම කීවේ සිංහලකමටද? අපේකමයි ආකම(ආගම)යි රැකගන්න පුළුවන්ද? එහෙනම් දවල් මිගෙල් රෑ දනියෙල් වගේ හිටීවී. තියෙන උරුමෙ ඉතිරිවෙච්ච ටිකත් විකුණල පාරට බහිනවද, නැතිවෙච්ච උරුමෙ වන රටේ හැම බිම්කඩ ම, තේ වත්තක්ම, අපේ උරුමෙ කරගන්නවාද?

අරුම පුදුම දේවල් වන කලකි මේ. 1815දී සුද්දා රජ වූයේ නිලමෙලා බලය පැවරීමෙනි. රජා මැරෙන තුරු එය අනුමත නොකලේය. රාජ්‍ය නායකයා රජාද? නිලමෙලාද? සුද්දා කුරුස කොඩිය ඔසවන තෙක් රජ කල, විජේ කුමාර්ගෙන් ඇරඹී කන්නසාමිගෙන් අවසන් වූ දෙමළ ලෙයින් බිහි වූ රජ කැල 1815 දක්වා රජ කලේ සිංහලේ නම් රටයි. 1948 දක්වා රජ කල ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් පඩංඟු ඇදගත් සුදු හමුදාවල් සමඟ පාලනය කලේ සිලෝන්ය. දෙමළුන් හා මලයානුවන් සිංහලයන්ගෙ හිස මත පය තැබූහ. ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් සිංහලයන් මැරුවේ ඉඩම් පැහර ගත්තේ, නීතිය තමන් යයි සිතාගෙනය.

1948 සිට අද දක්වා රජ කරන කළුසුදු ආණ්ඩුකාරයන් සිංහලයාට කලේද එයමය. උන් රටේ නම ශ්‍රී ලංකා ලෙස තැබුවේ හින්දු බසට අනුවය. කොඩියට පාට ඉරි දමා දෙමළ මුස්ලිම් රටක් ද කලහ. බෝ කොල එල්ලා හෙල්ල ඉවත් කලේ බෞද්ධයන්ගෙ අවශ්‍යතාවයටයි. දෙමළ මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගෙ හිස මත පය තැබූහ.

දෙමළ බලය කෙතරම් වැඩුනා දැයි කිව හොත් රට කෑලි වලට නොකැඩී තබා ගැනීමට සිංහල දිවි දහස් ගණනක් කැපවිය. එහෙත් කළුසුදු ආණ්ඩුකාරයන් ද ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් මෙන් සිංහලයන් මැරුවේ, ඉඩම් පැහර ගත්තේ, නීතිය තමන් යයි සිතාගෙනය. පොඩි වෙනසකට ඇත්තේ, මේ සියල්ල කෙරුනේ පඩංඟු ඇදගත් සිංහල කතාකරන කුලී හමුදාවක රැකවරණය යටතේය.

මෙවැනි විපරිත ගති මිනිසුන්ට ආවේ කෙසේදැයි කීමට ඉහත මත ප්‍රකාශය කෙරුවෙමි. සිංහලයන් (මිනිසුන්) බිහි වූ අයුරු ඊ ළඟට කියමි.

1 comment:

  1. සැමියන් නොකියා සැමීහරකුන් යයි කීවේ, සිංහල බසින් "සැමියා යනු එක ගැහැණියක් සමඟ වසන පිරිමියා" ය. ගැහැණුන් පස්දෙනෙකු සමඟ වසන්නාද එම සබඳතාවයම ගෙන ගියද මෙම කාර්යය ගැහැණිය දෙසින් බැලූ විට පහෙන් එකක් නිසාත්, එක ගැහැණියක් සමඟ වැසීම කොතරම් බරපතලදැයි කියනවා නම් පහක් සමඟ වසන එකා හරකකු (මොළේ නැත්තකු) විය යුතු නිසාත්, වෙන් කර හඳුනාගැනීමට සැමීහරකා යයි නම් තැබීම අවශ්‍ය ය. සැමීහරකුන් දවසට පැය 8 x 5 ක් වැඩ කල යුතුයි නේද?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.